LOCALබිත්තර තොගයේ සහතිකය අද එළියට

බිත්තර තොගයේ සහතිකය අද එළියට

-

- Advertisment -spot_img

පසුගියදා මෙරටට ආනයනය කළ බිත්තර තොගයේ සෞඛ්‍ය සහතික වාර්තාව අද (13) දින නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

තවත් බිත්තර මිලියනයක තොගයක් පසුගියදා මෙරටට අනයනය කළ අතර ඒවා වරායෙන් නිදහස් කරගැනීම සඳහා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගැනීමට නියමිතව තිබුණි.

එම දෙපාර්තමේන්තුව විසින් පසුගිය සෙනසුරාදා දින අදාළ බිත්තර තොගයේ සාම්පල ලබාගෙන තිබූ අතර ඊයේ දිනය වනතෙක් ඒවා වරායෙන් නිදහස් කරගැනීම සඳහා සෞඛ්‍ය සහතිකය නිකුත් කර නොතිබුණි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමකට පිළිතුරු දෙමින් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය පැවසුවේ එම බිත්තර තොගයේ සෞඛ්‍ය සහතිකය අද නිකුත් කිරීමට කටයුතු කරන බවය.

පසුගිය කාලය තුළ රටේ පැවති බිත්තර හිඟයට විසඳුමක් ලෙස රජය විසින් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට පියවර ගනු ලැබීය.

ඒ යටතේ බිත්තර මිලියන 4කට ආසන්න තොගයක් මේ වනවිට ආනයනය කර ඇති අතර ඒවා හෝටල් සහ බේකරි කර්මාන්ත අතර බෙදාහැරීම සිදුකෙරේ.

ඒ අනුව පසුගිය සතියේ ගෙන්වූ බිත්තර තොගය ද හෝටල් සහ බේකරි කර්මාන්ත අතර බෙදාහැරිමට නියමිත අතර ඒ සඳහා ද මේ වනවිට ඇනවුම් බොහෝමයක් ඉදිරිපත් වී ඇති බව රාජ්‍ය  වාණිජ විවිධ නීතිගත සංස්ථාව සඳහන් කළේය.

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා වැඩිදුරටත් පැවසුවේ එමෙන්ම ඉදිරි දිනවලදීත් රටේ පවතින බිත්තර හිඟයට පිළියම් ලෙස තවත් බිත්තර ආනයනය කිරීමට කටයුතු කරන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ගෝලීය දේපළ වෙළඳාම් කලාවේ නව පෙරළියක් ප්‍රයිම් සහ මෙල්වා වෙතින් Prime Marina Sales Suite වරාය නගරයේදී විවෘත වෙයි

කොළඹ වරාය නගරයේ (Colombo Port City) ‘ප්‍රයිම් මරීනා’ (Prime Marina) නමින් නව ලෝක මට්ටමේ සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියක් හඳුන්වා දී...

දරුවන්ගේ පෞරුෂත්වය ඊළඟ මට්ටමට ගෙන යන POWERFUL KIDS වැඩමුළුව

🏆 ශ්‍රී ලංකා මාධ්‍ය ඉතිහාසයේ ප්‍රථම සහ එකම මාධ්‍ය සහ නායකත්ව පුහුණු වැඩමුළුව වන POWERFUL KIDS, JM Media සභාපති...

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA නිෂ්පාදන සහ විද්‍යාලය විසින් පවත්වනු ලබන මාධ්‍ය සහ නායකත්ව සහ...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක කර ඊශ්‍රායලය විසින් නැවතත් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව...
- Advertisement -spot_imgspot_img

අදත් මි.මී 100 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය...

දෙවැනි වරටත් දෙහිවල සත්ත්වෝද්‍යානයෙන් නිල් කහ මැකෝ ගිරවෙක් සොරාගනී

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් නිල් කහ මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් තිබේ. පසුගිය...

Must read

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you