LOCALවිපක්ෂයේ මන්ත්‍රීවරුන් හෙට මැතිවරණ කොමිසමට

විපක්ෂයේ මන්ත්‍රීවරුන් හෙට මැතිවරණ කොමිසමට

-

- Advertisment -spot_img

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් හෙට (07) දිනයේ මැතිවරණ කොමිෂන් සභාව හමුවීමට තීරණය කර තිබේ.

විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 09 දෙනෙකුගේ අත්සනින් යුක්තව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිඛිතව අදාළ හමුවීම පිළිබඳ දැනුම් දී ඇති බව වාර්තා වේ.

මාර්තු මස 3 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නියෝගයට අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත්, මහාචාර්යය ජී.එල් පිරිස්, මනෝගනේෂන්, රිෂාද් බදියුදීන්, රංජීත් මද්දුමබණ්ඩාර, රවුෆ් හකීම්, ශානක්‍යයන් රාසමානික්කම්, එම්.ඒ සුමන්තිරන් සහ දායාසිරි ජයසේකර අදාළ ලිපිය සඳහා අත්සන් කර තිබේ.

මාර්තු මස 20 වන දිනට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙස එම මන්ත්‍රීවරුන් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇත.

ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා හෙට පෙරවරු 9ට මැතිවරණ මහා ලේකම් කාර්යාලය වෙත පැමිණෙන බවද අදාළ ලිපිය මඟින් වැඩිදුරටත් දැනුම් දී තිබේ.

මේ අතර පළාත්පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මුදල් අමාත්‍යංශ ලේකම්වරයා, රජයේ මුද්‍රණාලයාධිපතිනිය සහ පොලිස්පතිවරයා හෙට දිනයේ මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා ඇති බව වාර්තා වේ.

මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සැලසුම් කිරීම පිළිබඳව මෙහිදි අදාළ නිළධාරීන් සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් ද හෙට දිනයේ රැස්වී සාකච්ඡා කිරීමට නියමිතය.

මේ අතර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම කඩිනමින් පියවර ගත යුතු බව සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා පවසයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ගෝලීය දේපළ වෙළඳාම් කලාවේ නව පෙරළියක් ප්‍රයිම් සහ මෙල්වා වෙතින් Prime Marina Sales Suite වරාය නගරයේදී විවෘත වෙයි

කොළඹ වරාය නගරයේ (Colombo Port City) ‘ප්‍රයිම් මරීනා’ (Prime Marina) නමින් නව ලෝක මට්ටමේ සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියක් හඳුන්වා දී...

දරුවන්ගේ පෞරුෂත්වය ඊළඟ මට්ටමට ගෙන යන POWERFUL KIDS වැඩමුළුව

🏆 ශ්‍රී ලංකා මාධ්‍ය ඉතිහාසයේ ප්‍රථම සහ එකම මාධ්‍ය සහ නායකත්ව පුහුණු වැඩමුළුව වන POWERFUL KIDS, JM Media සභාපති...

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA නිෂ්පාදන සහ විද්‍යාලය විසින් පවත්වනු ලබන මාධ්‍ය සහ නායකත්ව සහ...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක කර ඊශ්‍රායලය විසින් නැවතත් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව...
- Advertisement -spot_imgspot_img

අදත් මි.මී 100 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය...

දෙවැනි වරටත් දෙහිවල සත්ත්වෝද්‍යානයෙන් නිල් කහ මැකෝ ගිරවෙක් සොරාගනී

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් නිල් කහ මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් තිබේ. පසුගිය...

Must read

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you