POLITICALනාමල්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

නාමල්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

-

- Advertisment -spot_img

තමා ඇතුළු සිය පවුලේ සාමාජිකයින් අයථා ලෙස උපයා ඇති වත්කම් පිළිබඳ චෝදනා ඔප්පු කළහොත් එම වත්කම් රජයට පැවරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ, සිදුකරන චෝදනාවන්ට තමන් ඇතුළු පවුලේ සාමාජිකයින් වැරදිකරුවන් නොවන බවට  දිවුරුම් ප්‍රකාශ මඟින් ද සනාථ කළ හැකි බවය.

හම්බන්තොට ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

“යහපාලන ආණ්ඩුවක් ආවා. අනුර කුමාර මහත්තයත් ඒකේ හිටියා, සජිත් ප්‍රේමදසා මහත්තයාත් ඒකේ හිටියා, අපේ ජනාධිපතිතුමත් ඒකේ හිටියා. ලෝකේ වටේ ගියා අපේ ගිණුම් හොයන්න. රංජන් රාමනායක මහත්තයා ඩුබායි මැරියට් හෝටලය ළඟට ගිහිල්ලා කිව්වා, මේ නාමල්ගේ හෝටලය කියලා. වර්තමාන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කිව්වා රාජපක්ෂලාට එහෙම ජාත්‍යන්තර ගිණුම් තියෙනවා කියලා කිසිම තැනක තහවුරු වෙලා නැහැ කියලා. එදා කියපු බොරුව අද ඒ විදිහටම අද ආයවතාවක් කියනවා. ෆයිල් මිටි ගහගෙන ඉන්න ඕනේ නැහැ. ෆයිල් මිටි හංගගෙන ඉන්න ඕනේ නැහැ. ඒ අයට සාක්ෂි තියෙනවානම්, ඔප්පු කරන්න සාධක තියෙනවානම්, මගේ නමට හෝ අපේ පවුලේ කෙනෙක්ගේ නමට ඔප්පුවක් තියෙනවානම්, මේ ලෝකේ තියන රටවල ෆයිල් හංගගෙන ඉන්න එපා අරගෙන එන්න. අපි දිවුරුම් ප්‍රකාශයකින් ලියලා දෙන්නම්. උගන්ඩාවට සල්ලි යැව්වා.. අමූලික බොරුවක්. බලය ලබාගන්න බොරු කරනවා. බොරු කිය කිය ඉන්න දෙයක් නැහැ. ඔය කියන සාධක තියෙනවානම් අපි ලෑස්ති ඒ සියල්ලම අපි ආණ්ඩුවට පවරන්න, රටට පවරන්න.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ගෝලීය දේපළ වෙළඳාම් කලාවේ නව පෙරළියක් ප්‍රයිම් සහ මෙල්වා වෙතින් Prime Marina Sales Suite වරාය නගරයේදී විවෘත වෙයි

කොළඹ වරාය නගරයේ (Colombo Port City) ‘ප්‍රයිම් මරීනා’ (Prime Marina) නමින් නව ලෝක මට්ටමේ සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියක් හඳුන්වා දී...

දරුවන්ගේ පෞරුෂත්වය ඊළඟ මට්ටමට ගෙන යන POWERFUL KIDS වැඩමුළුව

🏆 ශ්‍රී ලංකා මාධ්‍ය ඉතිහාසයේ ප්‍රථම සහ එකම මාධ්‍ය සහ නායකත්ව පුහුණු වැඩමුළුව වන POWERFUL KIDS, JM Media සභාපති...

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA නිෂ්පාදන සහ විද්‍යාලය විසින් පවත්වනු ලබන මාධ්‍ය සහ නායකත්ව සහ...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක කර ඊශ්‍රායලය විසින් නැවතත් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව...
- Advertisement -spot_imgspot_img

අදත් මි.මී 100 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය...

දෙවැනි වරටත් දෙහිවල සත්ත්වෝද්‍යානයෙන් නිල් කහ මැකෝ ගිරවෙක් සොරාගනී

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් නිල් කහ මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් තිබේ. පසුගිය...

Must read

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you