LOCALවිරෝධතාකරුවන්ට අධිකරණයෙන් විශේෂ නියෝගයක්

විරෝධතාකරුවන්ට අධිකරණයෙන් විශේෂ නියෝගයක්

-

- Advertisment -spot_img

අද (22) දින උද්ඝෝෂණයේ යෙදෙන පිරිස් වෙත අධිකරණයෙන් විශේෂ නියෝගයක් සිදුකර තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

එහි සඳහන්ව ඇත්තේ උද්ඝෝෂකයින් පිරිසක් කොටුව ප්‍රදේශයට එක්වී පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු වෙනත් ගොඩනැගිලිවලට ඇතුළු වීමට සැලසුම් කර ඇති බවට කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත එම විරෝධතා තහනම් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළ බවය.

ඒ අනුව උද්ඝෝෂකයින් හා මහජනතාව අතර ගැටුම්කාරී තත්ත්වයක් හා නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වීම මහජන පීඩාවක් ඇති විය හැකි බැවින් අද උදෑසන 11 සිට රාත්‍රි 7 දක්වා කොළඹ කොටුව ප්‍රදේශයේ මාර්ගවලට අවහිරතාවයක් සහ මහජනතාවට මෙන්ම මගී වාහන වාහනවලට බාධා කිරීම් නොකරන ලෙසට අධිකරණය ආඥාවක් නිකුත් කර තිබේ.

එමෙන්ම ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යංශය හා ගාලුමුවදොර පිටිය පරිශ්‍රය යන ස්ථානයන්ට ඇතුළු වීමෙන් වළකින ලෙසටත් පොදු හා පෞද්ගලික හානි නොකරන ලෙසටත් නියෝග කරමින් වගඋත්තරකරුවන් 9දෙනෙකුට හා ඔවුන් සමග සහභාගී වෙන වෙනත් තැනැත්තන් වෙත අධිකරණයෙන් එම ආඥාව නිකුත් කර ඇත.

කෙසේ වෙතත් අප වාර්තාකරුවන් පැවසුවේ, රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව වරාය, විදුලි, ඛනිජ තෙල්, බැංකු, සෞඛ්‍ය ඇතුළු වෘත්තීය සමිති විසින් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට පැවැත්වූ විරෝධතාව මේ වනවිට අවසන් කර ඇති බවය.

ඔවුන් විසින් ප්‍රකාශයට පත් කළ සතියට සමගාමීව එම විරෝධතාව සංවිධානය කර තිබුණි.

ඒ අනුව අද දහවල් 12ට කොටුව දුම්රියපොළට රැස් වූ වෘත්තිය සමිති නියෝජිතයින් පැයක පමණ කාලයක් විරෝධතාවයේ නිරත වූ බව “අද දෙරණ” වාර්තාකරු පැවසුවේය.

එම විරෝධතාව හේතුවෙන් කොටුව දුම්රියපොළ ඉදිරිපිට මාර්ගය අවහිර වී තිබූ බවද සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ගෝලීය දේපළ වෙළඳාම් කලාවේ නව පෙරළියක් ප්‍රයිම් සහ මෙල්වා වෙතින් Prime Marina Sales Suite වරාය නගරයේදී විවෘත වෙයි

කොළඹ වරාය නගරයේ (Colombo Port City) ‘ප්‍රයිම් මරීනා’ (Prime Marina) නමින් නව ලෝක මට්ටමේ සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියක් හඳුන්වා දී...

දරුවන්ගේ පෞරුෂත්වය ඊළඟ මට්ටමට ගෙන යන POWERFUL KIDS වැඩමුළුව

🏆 ශ්‍රී ලංකා මාධ්‍ය ඉතිහාසයේ ප්‍රථම සහ එකම මාධ්‍ය සහ නායකත්ව පුහුණු වැඩමුළුව වන POWERFUL KIDS, JM Media සභාපති...

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA නිෂ්පාදන සහ විද්‍යාලය විසින් පවත්වනු ලබන මාධ්‍ය සහ නායකත්ව සහ...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක කර ඊශ්‍රායලය විසින් නැවතත් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව...
- Advertisement -spot_imgspot_img

අදත් මි.මී 100 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය...

දෙවැනි වරටත් දෙහිවල සත්ත්වෝද්‍යානයෙන් නිල් කහ මැකෝ ගිරවෙක් සොරාගනී

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් නිල් කහ මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් තිබේ. පසුගිය...

Must read

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you