මෙරට මුහුදු සීමාවේ ගිනිබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ යකඩ කපා ඉවත් කිරීම එම නෞකාව අයත් සමාගම විසින් මෙරටට ගෙවිය යුතු නියමිත බදු ගෙවීමෙන් තොරව සිදු කිරීමට කිසිසේත් ඉඩ ලබා නොදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළා.
නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මෙරට මුහුදු සීමාව තුළ ඇති එම නෞකාවේ යකඩ කපා ඉවත් කරන්නේ නම් ඒ සඳහා ආනයන අපනයන බලපත්‍රයක්ද ලබාගත යුතු බවයි.
එමෙන්ම යකඩ මෙට්‍රික් ටොන් 48,000ක් පමණ නෞකාවේ පවතින බවත්, එම නෞකාව කපා ඉවත් කරන්නේ නම් සැලකිය යුතු බදු ප්‍රමාණයක් මෙරටට ලැබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
මීට අමතරව රේගු ගාස්තු ගෙවිය යුතු බවත්, රේගු ආඥා පනත ප්‍රකාරව එම නෞකාවේ යකඩ ප්‍රමාණයේ වටිනාකමෙන් සියයට 10ක් සෙස් බද්ද ලෙස මෙරටට අයවිය යුතු බවද ඒ මහතා සඳහන් කළා.




