පාකිස්තානයේ පෙශාවර්හි පිහිටි ඉස්ලාම් දේවස්ථානයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 59 දක්වා ඉහළ ගොස් තිබේ.
ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 157 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඉස්ලාම් දේවස්ථානයේ පොලිස් නිලධාරීන් පිරිසක් යාඥා කරමින් සිටි අවස්ථාවේ මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන්ය.
පාකිස්තානය ආරක්ෂා කිරීමේ රාජකාරී කටයුතුවල නිරත වන පුද්ගලයින් බිය ගැන්වීමේ අරමුණින් ත්‍රස්තවාදීන් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ශරීෆ් ප්‍රකාශ කර තිබේ.




