නැගෙනහිර ජෙරුසෙලමේ දේවස්ථානයක් තුළදී ඊශ්‍රායල ජාතිකයින් 07 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.
විදෙස් වාර්තා සඳහන් කළේ දේවස්ථානයේ පැවති දේව මෙහෙයට සහභාගී වී පිටව යමින් සිටි බැතිමතුන් පිරිසක් ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය.
වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා එරට ආරක්ෂක අංශ විසින් වෙඩි තබා ඝාතනය කර ඇති අතර ඔහු පලස්තීන ජාතික ත්‍රස්ථවාදියෙකු බව වාර්තා වන බව විදෙස් මාධ්‍ය පවසයි.
තුවක්කුරු විසින් පැදවූ බව කියන සුදු පැහැති මෝටර් රථයක් පිළිබඳව එරට ආරක්ෂක අංශ වල අවධානය යොමුව තිබේ.
පලස්තීන සටන්කාමින් ප්‍රහාරයේ වගකීම මෙතෙක් භාර ගෙන නොමැති අතර මෙම ප්‍රහාරයෙන් පසුව ගාසා තීරයේදී ඔවුන් විසින් සැමරුම් උත්සවයක් පවත්වා ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.




