ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධ තවත් නඩු භාණ්ඩ 04ක් රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට අදාළව අද(23) අධිකරණ නියෝගයක් ලබා ගෙන තිබෙනවා.
ඒ විමර්ශන සිදු කරන නිලධාරීන් විසින්.
කෙසේ වෙතත් මෙම මරණය සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් සිදු කෙරෙනු ඇති.
අද මෙම මරණ පරීක්ෂණයේ එක් සාක්ෂි විමසීමක් පැවති අතර, එහි ඊළඟ සාක්ෂි විමසීම පෙබරවාරි මස 08වනදා සිදු කිරීමට නියමිතයි.




