වෛද්‍යවරුන් ඇතුළු වෘත්තින් කිහිපයක නිලධාරීන් අද (23) සේවයට වාර්තා කර තිබුණේ කළු ඇඳුමින් සැරසී, කළු පටි පැළඳගෙනය.
ඒ රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව විසින් අදින් (23) ආරම්භ කළ සතිය කළු සතියක් බවට ප්‍රකාශයට පත්කිරීමට සහාය පළ කරමිනි.
කළු සතිය ආරම්භ කරමින් ඖෂධ හිඟය විසඳන්නැයි ඉල්ලමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කොළඹ ජාතික රෝහලේදී මහජන පෙත්සමකට අත්සන් ගැනීම අද පෙරවරුවේ සිදුකළේය.
මෙම කළු සතියට සහාය පළ කරමින් බැංකු සේවකයින්ද කළු ඇඳුම්වලින් සැරසී අද සේවයට වාර්තාකර තිබුණි.
වැඩිදුරට මේ සම්බන්දයෙන් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා,
“අදින් ආරම්භ වන සතිය තුළ කළුපටි පැළඳ වැඩකටයුතු කරනවා. ඊට අමතරව කළු බැනර් ප්‍රදර්ශනය කරලා කළු කොඩි ඔසවලා ගෙන යන වැඩ පිළිවෙලට විරෝධය පළකරනවා. රෝගී ජනතාවගේ ජීවිත තමයි මේ අනතුරට ලක්වෙන්නේ.”




