වැලිකඩ ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.
අද(21) පස්වරුවේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් එම පුද්ගලයාට වෙඩි තබා පළාගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ.
සිද්ධියෙන් මියගියේ 56 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයෙකු වන අතර, වෙඩි තැබීම සිදු කළ අය පිළිබඳව මෙතෙක් තහවුරු වී නැහැ.




