මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය මාසයකින් කල් දැමීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ඊයේ (17) තීරණය කෙරුණා
මෙම තීරණය ගනු ලැබුවේ අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ආචාර්ය) ගරු විජයදාස රාජපක්ෂ මහතා ප්‍රධානත්වයෙන් ඊයේ (17) පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදී පැමිණ සිටි මන්ත්‍රීවරුන් විසින් කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගනිමිනුයි .
එමෙන්ම, අදාළ සංශෝධන සලකා බැලීමෙන් අනතුරුව පුනරුත්ථාපන කාර්යාංශයේ පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සඳහා විවාදයට ගැනීමද කමිටුව විසින් අනුමත කරනු ලැබුවා.
ඒ අනුව පුනරුත්ථාපන කාර්යාංශයේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම සඳහා අද (18) දිනයේදී විවාදයට ගැනීමට නියමිතයි .




