LOCALරඹුක්කන රත් කළ කුරීරු ද්විත්ව ඝාතනයේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

රඹුක්කන රත් කළ කුරීරු ද්විත්ව ඝාතනයේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

-

- Advertisment -spot_img

රඹුක්කන, හුරීමළුව ප්‍රදේශයේදී මළ සිරුරු සොයාගත් තරුණයින් දෙදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අදාළ සැකකරුවන් මාවනැල්ල හා වැලිඔය ප්‍රදේශවලදී ඊයේ (15) අත්අඩංගුවට ගත් බවය.

මාවනැල්ල ප්‍රදේශයේදී අතුරුදන්වූ බවට වාර්තා වී තිබූ තරුණයන් දෙදෙනාගේ මළ සිරුරු රඹුක්කන, හුරීමළුව ප්‍රදේශයේ නිවසක් පිටුපස වළදමා තිබියදී පසුගිය 12 වනදා සොයාගත්තේය.

මාවනැල්ල ප්‍රදේශයේදී අතුරුදන්වූ බවට වාර්තා වී තිබූ තරුණයන් දෙදෙනා අතරින් එක් අයෙකුගේ මළ සිරුර පළමුව සොයාගත්තේය.

ඒ, රඹුක්කන හුරීමළුව ප්‍රදේශයේ නිවසක් පිටුුපස වළදමා තිබියදීය.

මාවනැල්ල, කිරිංගදෙණිය හා කෙරමිණියවත්ත ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනෙකු පසුගිය නොවැම්බර් 19 හා 25 යන දෙදින තුළ අතුරුදන්ව ඇති බවට මාවනැල්ල පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.

අතුරුදන්ව තිබුණේ 26 හැවිරිදි මොහොමඩ් ඉක්බාල් මොහොමඩ් අසාර් සහ මොහොමඩ් අන්වර් මොහොමඩ් අර්ෂාඩ් නම් 28 හැවිරිදි තරුණයන් දෙදෙනෙකි.

මේ අතර කෑගල්ල කොට්ඨාස අපරාධ කාර්යාංශයේ පොලිස් කොස්තාපල්වරයෙකුට කිසිවෙකුගෙන් තොරතුරක් ලැබී තිබුණේ රඹුක්කන හුරීමළුව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන හුරීමළුවේ ෆර්හාන් නමැත්තාගේ නිවස තුළ තරුණයන් දෙදෙනෙකු ඝාතනය කරන අයුරු තමා දුටු බවය.

පොලීසිය පැවසුවේ, තරුණයන් දෙදෙනා හෙරොයින් භාවිතයට ඇබ්බැහිවූවන් බවත් පසුගිය නොවැම්බර් මස රටේ හෙරොයින් හිඟයක් මතුවීමත් සමග ඔවුන් අයිස් මිලදී ගැනීමට මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ නිවසට ගොස් ඇතැයි හෙළි වූ බවය.

මොවුන් ද මින් පෙර මත්ද්‍රව්‍ය ජාවාරම්කර ඇති බවට ද පොලීසිය අනාවරණ කරගෙන තිබේ.

පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු කෑගල්ල මහෙස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය කෑගල්ල මහ රෝහලේ විශේඥ අධිකරණ වෛද්‍යවරුන් ද සමග මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ නිවසේ පිටුපස කොටස පරීක්ෂා කළේය.

නිවසේ පසුපස කොටසේ කොන්ක්‍රීට් තට්ටුවක් දමා කුකුළු කොටුවක් සැකසීමට සකස් කළ ස්ථානයක් පොලීසිය විසින් කණිනු ලැබුවේ ඒ අතරතුරය.

එහි ප්‍රතිඵලයක් ලෙස අදාළ තරුණයින් දෙදෙනාගේ‍ මළ සිරුරු සොයාගැනීමට හැකිවුණි.

සිද්ධියට සම්බන්ධ හුරීමළුවේ ෆර්හාන් නමැත්තා ඇතුළු ප්‍රධාන සැකකරුවන් සිව්දෙනෙකු ප්‍රදේශයෙන් පළාගොස් සිටි අතර පොලිසියේ විමර්ශනවලට අනුව මාවනැල්ල හා වැලිඔය ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවකු නිවසේ සඟවා තිබූ මරණකරුවෙකුගේ යතුරුපැදිය ද විමර්ශන නිලධාරීන් සොයාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ගෝලීය දේපළ වෙළඳාම් කලාවේ නව පෙරළියක් ප්‍රයිම් සහ මෙල්වා වෙතින් Prime Marina Sales Suite වරාය නගරයේදී විවෘත වෙයි

කොළඹ වරාය නගරයේ (Colombo Port City) ‘ප්‍රයිම් මරීනා’ (Prime Marina) නමින් නව ලෝක මට්ටමේ සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියක් හඳුන්වා දී...

දරුවන්ගේ පෞරුෂත්වය ඊළඟ මට්ටමට ගෙන යන POWERFUL KIDS වැඩමුළුව

🏆 ශ්‍රී ලංකා මාධ්‍ය ඉතිහාසයේ ප්‍රථම සහ එකම මාධ්‍ය සහ නායකත්ව පුහුණු වැඩමුළුව වන POWERFUL KIDS, JM Media සභාපති...

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA නිෂ්පාදන සහ විද්‍යාලය විසින් පවත්වනු ලබන මාධ්‍ය සහ නායකත්ව සහ...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක කර ඊශ්‍රායලය විසින් නැවතත් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව...
- Advertisement -spot_imgspot_img

අදත් මි.මී 100 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය...

දෙවැනි වරටත් දෙහිවල සත්ත්වෝද්‍යානයෙන් නිල් කහ මැකෝ ගිරවෙක් සොරාගනී

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් නිල් කහ මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් තිබේ. පසුගිය...

Must read

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you