පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වගකිවයුතු බවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කර තිබූ ප්‍රකාශය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් හෙළා දැක තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම පක්‍ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පෙන්වා දෙන්නේ දෙවතාවක් රාජ්‍ය නායකත්වය දැරූ නායිකාවගේ පරිනත දේශපාලන භාවිතාව තම පක්‍ෂය එතුමිය කෙරෙන් නොදකින බවයි.




