රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීමෙන් පසු සෙසු අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීමට මුදල් නොමැති වීම නිසා සියලුම අමාත්‍යංශවලට අයවැයෙන් වෙන් කර ඇති මුදල් වලින් 05%ක් කපා දැමීමට රජය පියවර ගෙන තිබෙනවා.
ඊයේ(09) පැවති කැබිනට් සාකච්ඡාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළ බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ.
එසේම සමෘද්ධි සහනාධාර ගෙවීම සතියකට හෝ දෙකකට පමා වීමේ හැකියාව පවතින බව ද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.




