පලෙයි ප්‍රදේශයේදී බස් රථයක් පෙරළී සිදුවූ අනතුරකින් තුවාළ ලැබූ පිරිසක් රෝහල්ගතකර තිබේ.
ත්‍රිකුණාමලය සිට මුලතිව් හරහා යාපනය දක්වා ගමන්ගත් ලංගම බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව අප වාර්තාකරු පැවසීය.
අධික වේගය පාලනය කරගැනීමට නොහැකිවීම හේතුවෙන් බස් රථය පෙරළී මෙම අනතුර සිදුවන්නට ඇති බවට පොලීසිය සැකපළ කරයි.
අනතුරින් තුවාළ ලැබූ 15දෙනෙකුට ආසන්න පිරිසක් යාපනය සහ කිලිනොච්චි රෝහල් වෙත ඇතුළත් කර ඇති අතර ඉන් දෙදෙනෙකු තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි




