LOCAL“කඹ ඇදීමකින් තොරව තම වගකීම් නිසි‍ ලෙස ඉටු කරන්න”...

“කඹ ඇදීමකින් තොරව තම වගකීම් නිසි‍ ලෙස ඉටු කරන්න” – ජනපතිගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්

-

- Advertisment -spot_img

ජනතාවට සේවය කිරීමේ දී කඹ ඇදීමකින් තොරව තම වගකීම් නිසි‍ ලෙස ඉටු කිරීමට රාජ්‍ය නිලධාරීන් කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.

අද (22) පෙරවරුවේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

තමා වෙත ඉදිරිපත් කළ ජනතා ගැටලුවලින් 50%ක පමණ ප්‍රමාණයක් රාජ්‍ය නිලධාරීන්ට විසඳුම් ලබා දිය හැකි ඒවා බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම ගැටලු විසඳීමට ජනාධිපතිවරයා නොව ඇමතිවරයෙකුවත් කොළඹ සිට පැමිණීම අවශ්‍ය නොවන බවත් පැවසුවා.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඉඩම් ගැටලු විසඳීම පිළිබඳ සියලු රාජ්‍ය ආයතන ඒකාබද්ධව සකස් කරන ලද වාර්තාවක් පෙබරවාරි 04 වනදාට පෙර තමා වෙත ලැබීමට සලස්වන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා එසේ වාර්තාවක් ඉදිරිපත් නොකළහොත් තමා වෙත පැවරී ඇති බලතල අනුව ක්‍රියාකරන බව ද පැවසුවා.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ගත යුතු පියවර පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර “ලෝකාන්තය” නැරඹීමට පැමිණෙන සංචාරකයන් සඳහා පට්ටිපොළ – බොරලන්ද අතර කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ගෝලීය දේපළ වෙළඳාම් කලාවේ නව පෙරළියක් ප්‍රයිම් සහ මෙල්වා වෙතින් Prime Marina Sales Suite වරාය නගරයේදී විවෘත වෙයි

කොළඹ වරාය නගරයේ (Colombo Port City) ‘ප්‍රයිම් මරීනා’ (Prime Marina) නමින් නව ලෝක මට්ටමේ සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියක් හඳුන්වා දී...

දරුවන්ගේ පෞරුෂත්වය ඊළඟ මට්ටමට ගෙන යන POWERFUL KIDS වැඩමුළුව

🏆 ශ්‍රී ලංකා මාධ්‍ය ඉතිහාසයේ ප්‍රථම සහ එකම මාධ්‍ය සහ නායකත්ව පුහුණු වැඩමුළුව වන POWERFUL KIDS, JM Media සභාපති...

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA නිෂ්පාදන සහ විද්‍යාලය විසින් පවත්වනු ලබන මාධ්‍ය සහ නායකත්ව සහ...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක කර ඊශ්‍රායලය විසින් නැවතත් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව...
- Advertisement -spot_imgspot_img

අදත් මි.මී 100 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය...

දෙවැනි වරටත් දෙහිවල සත්ත්වෝද්‍යානයෙන් නිල් කහ මැකෝ ගිරවෙක් සොරාගනී

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් නිල් කහ මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් තිබේ. පසුගිය...

Must read

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you