මෙක්සිකෝවේ සිට මෙරටට එවන ලද රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් “මෙතෆටමීන්” හෙවත් අයිස් මත්ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් භාණ්ඩ පර්යන්තයේ තිබී සොයාගෙන තිබේ.
එහිදී ඉතා සුක්ෂම ලෙස බෑගයක් තුළ සඟවා තිබු මත්ද්‍රව්‍ය ග්‍රෑම් 650ක් සොයාගෙන ඇති අතර එහි වටිනාකම මිලියන 13කට අධික බව රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
අදාළ පාර්සලය ලබාගැනීමට පැමිණි මාතර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.




