සෑම විටම ශ්‍රී ලංකාවට පූර්ණ සහයෝගය ලබා දෙන බවට පාකිස්ථාන මුදල් අමාත්‍ය සෙනෙට් සභික මුහම්මද් ඉෂාක් ඩාර් මහතා සහතික වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.
ආසියා සහ පැසිෆික් සඳහා වන එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසම සහ පාකිස්ථාන රජය එක්ව තිරසාර සංවර්ධන ඉලක්ක කර ගත් සංසදයට ඉස්ලාමාබාද් නුවරදී එක් වෙමින් එරට මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
මෙම සංසදයේදී කලාපය පුරා සියලුම රටවල් මුහුණ දෙන ගෝලීය ආර්ථික අභියෝගවල බලපෑම් සහ එම අභියෝග ජය ගැනීමට හැකි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කර ඇති බව සඳහන්.




