බ්‍රිතාන්‍යය ට පැමිණෙන නීතිවිරෝධී සරණාගතයින් පාලනය කිරීම සඳහා නව නීති හඳුන්වා දෙන බව අග්‍රාමාත්‍ය රිශී සුනක් පවසයි.
විශේෂයෙන්ම ඉංග්‍රීසි ඕඩය හරහා කුඩා බෝට්ටුවලින් මෑතක සිට එරටට විශාල වශයෙන් සරණාගතයින් පැමිණෙමින් සිටී.
එය පාලනය සඳහා බ්‍රිතාන්‍ය බලධාරීන් විවිධ පියවර ගෙන ඇති අතර මෙයද ඉන් එක පියවරකි.
පසුගිය වසර තුළදී ඉංග්‍රීසි ඕඩය ඔස්සේ පැමිණි සරණාගතයින් ගණන දෙගුණයක් වී ඇති බව සඳහන් ය.
ඒ අතුරින් වැඩිම පිරිස ඇල්බේනියානුවන් ය.
අග්‍රාමාත්‍යවරයා නිවේදනය කළ ක්‍රමවේදය කරුණු 5කින් සමන්විතය.
එරට නීතිවිරෝධී ලෙස රැඳී සිටින ඇල්බේනියානුවන් රටින් හැකි ඉක්මනින් පිට කිරීම එහි එක අරමුණකි.
එසේම සේවක මණ්ඩලය වැඩි කිරීම මගින් දැනට කටයුතු කෙරෙමින් ඇති 150,000ක් පමණ වන සරණාගත ඉල්ලීම් සම්බන්ධයෙන් ලබන වසර වනවිට තීරණ ගැනීමද එහි එක් සැලසුමකි.




