වැල්ලවාය තණමල්විල ප්රධාන මාර්ගයේ වැල්ලවාය – බද්දෙලන්දයාය ප්රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනකු බරපතළ තුවාල ලබා තිබෙනවා,
ඩබල් කැබ් රථයක් සහ ත්රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් තුවාල ලබා ඇත්තේ එම වාහන දෙකෙහි රියදුරන් බවයි පොලීසිය ප්රකාශ කළේ.
තුවාල ලැබූවන් වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්රතිකාර සදහා මොණරාගල දිස්ත්රික් මහ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ වැල්ලවාය සහ ඇතිමලේ යන ප්රදේශවල පදිංචිකරුවන්.




