රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කරනු ලබන ගුවන් ප්‍රහාර හේතුවෙන් මේ වන විට රට පුරා විදුලිය විසන්ධිවීමක් සිදුව ඇති බව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසයි.
විදුලිය ඇනහිටීම් හේතුවෙන් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක තුනක් ද අක්‍රීය වී ඇති බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි.




