හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දිවයිනට පැමිණ තිබෙනවා.
හිටපු අමාත්‍යවරයා පැමිණි ගුවන් යානය පෙරවරු 8.30ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ළඟා වූ බවයි වාර්තා වන්නේ.
බැසිල් රාජපක්ෂ මහතා පිළිගැනීම සඳහා පොදු ජන පෙරමුණේ මැති ඇමතිවරුන් රැසක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටි බව ද වාර්තා වනවා.
ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විශේෂ සාකච්ඡා රැසක් පැවැත්වීමටද බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කිරීමට නියමිත බව ද වාර්තා වුණා.




