LOCALඅයවැය යෝජනා පහතින් දැක්වේ

අයවැය යෝජනා පහතින් දැක්වේ

-

- Advertisment -spot_img

අයවැය යෝජනා පහතින් දැක්වේ.

* 2021 වසර අවසන් වෙන විට දළ දේශීය නිෂ්පාදනයෙන් 8.3%ක් වූ රාජ්‍ය ආදායම 2025ක් වන විට 15%ක් දක්වා වැඩිකිරීම.

* 2025 වෙද්දි දළ දේශීය නිෂ්පාදනයෙන් 2%කට වැඩි ප්‍රාථමික අතිරික්තයක්.

* රාජ්‍ය අංශයේ ණය 100%කට වඩා පහළට ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.

* මැදි කාලීන ආර්ථික වර්ධනය 5%ක් දක්වා ළඟාවෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

* විදේශ විනිමය ගලා ඒම සාමාලෝචනය කළ යුතුයි.

* බස්නාහිර, වයඹ, හම්බන්තොට හා ත්‍රිකුණාමලයේ අක්කර 1000කට වැඩි නව ආර්ථික කලාප ඇති කරනවා.

* බදු සහන මත පදනම් විදෙස් ආයෝජකයින් ආකර්ශනය කරගැනීමට රු මිලියන 300ක් වෙන් කෙරේ.

* ජාතික ඵලදායි කොමිසමක් ඇති කරනවා. ඒ සඳහා රුපියල් මිලියන 100ක් වෙන්කරනවා.

* ශ්‍රී ලංකාවේ දේශීය සැපයුම් ක්‍රම වර්ධනය කරනවා.

* තායිලන්තය – ශ්‍රී ලංකා  වෙළෙඳ  ගිවිසුම ගැන සාකච්ඡා ආරම්භ කෙරේ.

* සිංගප්පූරුව සමග කලාපීය වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් සාකච්ඡා කෙරේ.

* ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් ගැන සාකච්ඡා සිදුකිරීමට ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් පිහිටුවනවා.

* ශ්‍රී ලංකාවේ සැපයුම් ලෝකයේ පළමු රටවල් 70ට ගෙන යෑමට 2023 සිට 2027 දක්වා පස් අවුරුදු සැපයුම් සේවා සංවර්ධන වැඩසටහනක් හඳුන්වා දෙයි.

* යහපත් ව්‍යාපාර පරිසරයක් ඇති කිරීම සඳහා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය වෙත රු. මිලියන 200ක් වෙන් කෙරේ.

* මෙරට කම්කරු නීතිය යල්පැන ගොස්ය. එබැවින් ආර්ථිකයට හා සේවකයින් ට ගැලපෙන පරිදි නව යාවත්කාලීන කළ තනි කම්කරු නීතියක් බලාත්මක කිරීමට යෝජනා කෙරේ.

* කෘෂිකර්මයේ නවීකරණයක් සඳහා භාවිතයට නොගන්නා ඉඩම් දිගුකාලීන බදු පදනම මත අපනයන බෝග වගාකිරීමට යෝජනා කෙරේ.

* ඩිජිටල් තාක්ෂණය සඳහා අවශ්‍ය ඉදිරි දියුණුව සඳහා කේෂ්ත්‍රයේ ප්‍රවීණයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත්කෙරේ.

* ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් ඵලදායි ලෙස යොදාගැනීමට සුදුසු ප්‍රතිපත්තියක් සැලසීමට කොමිසමක් පත්කරන අතර එහි වාර්තා මාස තුනක් ඇතුළත අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතුයි.

* කුරුඳු කර්මාන්තය සඳහා නව දෙපාර්තමේන්තුවක් කරන්දෙණිය ප්‍රදේශයේ ඇති කිරීමට රු මිලියන 200ක් වෙන්කෙරේ.

* සංචාරක කර්මාන්තයේ දියුණුවට වැඩසටහන් කිහිපයක්. ඒ සඳහා රු මිලියන 50ක් වෙන්කෙරේ.

* ක්‍රීඩා ආශ්‍රිත සංචාරක කර්මාන්ත නඟා සිටුවීමේ අදහසින් “ජලය මත ලිස්සා” යෑම වැනි ක්‍රීඩා ප්‍රවර්ධනයට කටයුතු කෙරේ.

* පාසල්වලට අන්තර්ජාල පහසුකම් ලබාදීමට පාසල් 1,000ක් වෙන්කෙරේ.

* ග්‍රාමීය පාසල්වල සනීපාරක්ෂක වැඩසටහන් දියත් කිරීමට රු. මිලියන 200ක් වෙන්කෙරේ.

* දැනට කලා විෂය ධාරාවේ පමණක් ඇති කුසලතා පදනම 2023 සිට ක්‍රමානුකූලව 50%ක් දක්වා සෙසු විෂයන් සඳහා ද වැඩිකිරීමට කටයුතු කෙරේ.

* වෛද්‍යවරු සඳහා පශ්චාත් උපාධි අධ්‍යයන ආයතන පේරාදෙණිය, රුහුණ හා යාපනයේත් ආරම්භ කිරීමට රු. මිලියන 60ක් වෙන් කෙරේ.

* විශ්වවිද්‍යාල උපාධි සඳහා තත්ත්ව සහතික මණ්ඩලයක් ඇතිකිරීම.

* උසස් පෙළ සමතුන්ට හා උපාධිධාරීන්ට විදේශ ශිෂ්‍යත්ව 75ක්.

* ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට නව වෛද්‍යපීඨයක්. ඒ සඳහා රු. මිලියන 200ක් වෙන්කෙරේ.

* ශ්‍රී ලංකාවේ ඉතිහාසය හැදෑරීමට වෙන්වූ ආයතනයක් පිහිටුවීමට රු. මිලියන 50ක් වෙන්කෙරේ.

* රාජ්‍ය ආදායමෙන් වැඩි කොටසක් වැටුප් ගෙවීමට සිදුවෙනවා. එම නිසා වත්මන් අවශ්‍යතා මත රාජ්‍ය සේවයේ සියලු අංශ සාමාලෝචනය කර අවශ්‍ය ප්‍රතිසංස්කරණ ඇතුළු නිර්දේශ සිදුකිරීමට ජනපති කොමිෂන් සභාවක් යෝජනා කෙරේ.

* බදුකරණය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවක් පිහිටුවීම.

* දත්ත ආරක්ෂණ අධිකාරියක් පිහිටුවීම.

* පෞද්ගලික අංශයේ සේවකයින්ට රක්ෂණාවරණයක් ලබා දීම.

* රජයේ සේවකයින් සඳහා ලබාදෙන අග්‍රහාර සෞඛ්‍ය රක්ෂණ ක්‍රමවේදය වැනි සෞඛ්‍ය රක්ෂණයක් පෞද්ගලික සේවකයින් සඳහා ද යෝජනා කරන අතර සේවක භාරකාර අරමුද එයට දායකත්වය ලබාදීමට නියමිතය.

* ආහාර සුරක්ෂිතභාවය පිළිබඳ මාර්ගගත විද්‍යුත් පද්ධතියක්.

* මිරිදිය කර්මාන්තය දියුණු කිරීමට රු. මිලියන 100ක් වෙන්කෙරේ.

 

* ඇතැම් බදු නිදහස් කිරීමට යෝජනා කෙරේ. එකතු කළ අගය මත බදු පනතේ සංශෝධන 2023 අප්‍රේල් 1 සිට ක්‍රියාත්මක කෙරේ.

* 2023 ජනවාරි 1 සිට සෙස් බද්ද, වරාය හා ගුවන් තොටුපොළ බද්ද අදියර 5කින් ද මුළුමනින්ම ඉවත්කිරීමට යෝජනා කෙරේ.

* විවිධ ගාස්තු 2023 ජනවාරි 1 සිට 20%කින් ඉහළට.

* විදේශ ගමන් බලපත්‍ර ගාස්තු, වීසා ගාස්තු ඉහළ දැමීමට යෝජනා කෙරේ.

* මූල්‍ය පිරිවැය අඩු කිරීමට 2023 ජනවාරි සිට දෙපාර්තමේන්තු හා අමාත්‍යාංශවලින් එකතු කළ ආදායම් ඍජුවම මහා භාණ්ඩාගාරයට මාරු කිරීමට උපදෙස්.

* බදු පරිපාලනය වැඩිකිරීමට යෝජනා මාලාවක්.

* රාජ්‍ය වියදම් පාලනයට චක්‍රලේඛන උපදෙස් ගණනාවක් නිකුත් කෙරේ.

* සන්නද්ධ හමුදා සාමාජිකයින් සඳහා අවුරුදු 18ක සේවා කාලයකින් පසුව විශ්‍රාම ගැන්වීමට අවසර.

* රාජ්‍ය සේවකයින් මුහුණදෙන දුෂ්කර තත්ත්වය හමුවේ 2023 වසර අගවන විට රාජ්‍ය සේවකයින්ට හා විශ්‍රාමිකයින්ට සැලකිය යුතු සහනයක් ලබාදීමට කටයුතු කෙරේ.

* ශ්‍රී ලංකා ගුවන් සේවා සමාගම, ශ්‍රී ලංකා ටෙලිකොම්, හිල්ටන් හෝටලය, වෝටර්ස් ඒජ්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා එහි පරිපාලන සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කෙරේ.

* මැණික් සඳහා වෙළෙඳ මධ්‍යස්ථානයක් හා කලාපයක් පිහිටුවීම.

* විදුලිබල මණ්ඩය, වරාය අධිකාරීය සහ ගුවන්තොටුපොළේ ණය 2022 අවසානයේ මධ්‍යම රජයේ ණය ලෙස හඳුනාගෙන ඇත.

* ශුද්ධ මූල්‍ය හා ණය නියාමන අධිකාරියක් ස්ථාපිත කිරීම.

* සුබ සාධන ප්‍රතිලාභ සඳහා නව සුදුසුකම් ලැබූවන් තේරීම 2023 ජනවාරියේ සිට ආරම්භ වේ.

* නව සුබ සාධන ප්‍රතිලාභ 2023 අප්‍රේල් මාසය වනවිට ගෙවීමට බලාපොරොත්තු වේ.

* සමෘද්ධි, වැඩිහිටි, විවිධ අවශ්‍යතා සහිත පුද්ගලයින් හා වකුගඩු රෝගීන්ට ලබාදෙන දීමනා අඛණ්ඩව ලබාදේ.

* ළමා පෝෂණය වැඩි කිරීමට වෙනම මුදල් වෙන් කෙරේ.

* පොල් වගාව ව්‍යාප්ත කිරීමට වැඩසටහන් හා පොල් ඉඩම් කැබලි කිරීම අක්කරයට සීමා කෙරේ.

* කෘෂි ව්‍යවසායක ගම්මාන 10ක් ස්ථාපිත කිරීම.

* තෛයිලෝක විජය පත්‍ර භෝගය අපනයනය සඳහා පමණක් නිෂ්පාදනයට ඉඩ ලබාදීම. ඒ සඳහා විශේෂඥ කමිටුවක් පත්කෙරේ.

* ගංවතුර ආරක්ෂක පද්ධතිය වැඩි දියුණු කිරීමට රු මිලියන 500ක් වෙන්කෙරේ.

* දියර කිරි නිෂ්පාදනයට රු මිලියන 100ක් වෙන්කෙරේ.

* දේශගුණය වෙනස්වීම් පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට සැලසුම්. ඒ සඳහා රු මිලියන 100ක් වෙන්කෙරේ.

* වන ගහණය වැඩි කිරීමට ප්‍රජා සහභාගීත්වය ලබාදීමෙන් අක්කර 50,000ක් වෙන්කිරීම.

* මධ්‍යසාරවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමට සුරා බදු දෙපාර්තමේන්තුවට නව රසායනාගාරයක් සඳහා රු මිලියන 100ක් වෙන්කෙරේ.

* මාර්ග නඩත්තු අරමුදලක් ස්ථාපිත කෙරේ. ඒ සඳහා රු මිලියන 100ක් වෙන්කෙරේ.

* ප්‍රතිසංස්කරණ හා ඉදිකිරීම් සඳහා රු. මිලියන 2,000ක් වෙන්කෙරේ.

*  විද්‍යුත් මෝටර් කාර් එකලස් කිරීම මෙන්ම දේශීය වශයෙන් භාවිතය ප්‍රචලිත කිරීමට දිරිමත් කිරීම.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ගෝලීය දේපළ වෙළඳාම් කලාවේ නව පෙරළියක් ප්‍රයිම් සහ මෙල්වා වෙතින් Prime Marina Sales Suite වරාය නගරයේදී විවෘත වෙයි

කොළඹ වරාය නගරයේ (Colombo Port City) ‘ප්‍රයිම් මරීනා’ (Prime Marina) නමින් නව ලෝක මට්ටමේ සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියක් හඳුන්වා දී...

දරුවන්ගේ පෞරුෂත්වය ඊළඟ මට්ටමට ගෙන යන POWERFUL KIDS වැඩමුළුව

🏆 ශ්‍රී ලංකා මාධ්‍ය ඉතිහාසයේ ප්‍රථම සහ එකම මාධ්‍ය සහ නායකත්ව පුහුණු වැඩමුළුව වන POWERFUL KIDS, JM Media සභාපති...

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA නිෂ්පාදන සහ විද්‍යාලය විසින් පවත්වනු ලබන මාධ්‍ය සහ නායකත්ව සහ...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක කර ඊශ්‍රායලය විසින් නැවතත් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව...
- Advertisement -spot_imgspot_img

අදත් මි.මී 100 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය...

දෙවැනි වරටත් දෙහිවල සත්ත්වෝද්‍යානයෙන් නිල් කහ මැකෝ ගිරවෙක් සොරාගනී

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් නිල් කහ මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් තිබේ. පසුගිය...

Must read

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you