කන්දකාඩු පුනරුත්ථාපන කඳවුර තුළ පසුගියදා ඇතිවූ ගැටුම අතරතුර පළාගිය රැඳවුවන් 13 දෙනෙකු තවමත් යළි භාරවී නොමැති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් රවී හේරත් මහතා පවසයි.
මතට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කෙරෙන කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පසුගිය 06 වනදා රාත්‍රීයේ ඇතිවූ ගැටුම්කාරි තත්ත්වයක් අතරතුර රැඳවූවන් 50ත් 100ත් අතර පිරිසක් කඳවුරෙන් පළාගොස් තිබුණි.
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මහතා පැවසුවේ ගැටුමෙන් පසු මේ දක්වා රැඳවුවන් 301 දෙනෙකු යළි පුනරුත්ථාපනය සඳහා යොමු කර ඇති බවය.




