ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 2 වන ස්ථානයට පැමිණ තිබේ.
ඒ අනුව ප්‍රසාද ලකුණු 697ක් ඔහු හිමිකරගෙන ඇත.
ඔහු මීට පෙර එහි 5 වන ස්ථානයේ රැඳී සිටියේය.
ඇෆ්ගනිස්තාන ක්‍රීඩක රෂීඩ් ඛාන් තවදුරටත් විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ පසුවෙයි.




