ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ මොර්බි ප්‍රදේශයේ එල්ලෙන පාලමක් කඩා වැටීමෙන් ජීවිතක්ෂයට පත් පුද්ගලයින් සංඛ්‍යාව 141ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අනතුරින් 177 දෙනෙකුගේ දිවි බේරාගැනීමට සමත්ව ඇති අතර අතුරුදන්වුවන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකය.
ඉන්දියාවේ ගුජරාට් හි මෝබි ප්‍රදේශයේ හරහා ගලා යන මච්චූ ගංඟාව හරහා මීටර් 230 ක් දිග මෙම ඓතිහාසික පාලම බ්‍රිතාන්‍ය පාලන සමයේදී ඉදිකර තිබේ.
වසර 150ක් පමණ ඉපැරණි එම පාලම ප්‍රතිසංස්කරණය සඳහා මාස හයක් වසා දමා තිබූ එය යළි මහජනතාව සඳහා යළි විවෘත කර ඇත්තේ පසුගිය 26වැනිදාය.





