ගිනි අවි සහ කඩු පෙන්වා කුරුවිට ප්රදේශයේ නිවසක් කොල්ලකා පලා යමින් සිටි සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ගලහිටිය ප්රදේශයේදීයි.
සැකකරුවන් ඊයේ(28) එම නිවසට පැමිණ නිවැසියන් බියගන්වා රුපියල් 10,000ක් කොල්ල කා ඇති අතර, පසුව නිවැසියන් ඒ පිළිබඳව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.
ඒ අනුව කළ විමර්ශනයකට අනුව අද(29) එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මෝටර් රථයකින් පලා යමිනි සිටියදීයි.
ඔවුන් සතුව තිබී ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, කඩුවක්, ජීව අත්බෝම්බයක් සහ කොල්ලකන ලද මුදලින් රුපියල් 8,000ක් ද පොලීසිය සොයාගෙන තිබෙනවා.
සැකකරුවන් රත්නපුර, කුරුවිට සහ පරකඩුව යන ප්රදේශවල පදිංචි 30, 31 සහ 40යන වයස්වල පසුවන්නන්.




