විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරගය අද (24)ඕස්ට්‍රේලියාවට එරෙහිව පර්ත් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 04.30ට තරගය ආරම්භ වීමට නියමිත අතර ආබාධයකට ලක්ව සිටි පැතුම් නිස්සංක මෙම තරගයට සහභාගී වනු ඇති බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාව මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ රැඳී සිටිනවා.




