ටයිම්ස් උසස් අධ්‍යාපන (Times Higher Education ) ශ්‍රේණි ගත කිරීම් අනුව 2023 වසරේ ලොව හොඳම විශ්වවිද්‍යාල 501-600 අතර කාණ්ඩයට පැමිණීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලය අඛණ්ව සිව්වන වරටත් සමත්ව තිබෙන බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා.
එම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවේ හොඳම විශ්වවිද්‍යාලය බවට පේරාදෙණිය විශ්වවිද්‍යාලය මෙම වසරේදීත් වර්ග කර ඇති බවයි එම පුවත්පතේ සඳහන් කර තිබෙන්නේ
ලොව විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් (World University Rankings) අතර ටයිම්ස් උසස් අධ්‍යාපන ශ්‍රේණිගත කිරීමට ඇත්තේ ඉහළ පිළිගැනීමක්
එම වර්ගීකරණය අනුව දකුණු ආසියාවේ විශ්වවිද්‍යාල අතර 78 වන ස්ථානයත් ආසියාවේ 351-400 කාණ්ඩයටත් පේරාදෙණිය විශ්වවිද්‍යාලය පත්ව තිබෙනවා.
ටයිම්ස් උසස් අධ්‍යාපන ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම ලොව විශාලතම සහ වඩාත් පුළුල් ශ්‍රේණිගත කිරීම්වලින් එකක් වන අතර මෙවර ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම සඳහා රටවල් 104 කින් ලොව විශ්වවිද්‍යාල 1799 ක් සැලකිල්ලට ගෙන තිබෙන බවයි එම පුවත්පත වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ




