නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාව බලා යාමට සූදානම් වූ 45 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
එම පිරිස අතර කුඩා දරුවන් 03ක් ද සිටින බවයි පොලිසිය සඳහන් කළේ.
යාපනය දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් වන මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල උණවටුන ප්‍රදේශයේදීයි.
කුඩා දැරියක් ඇතුළු කාන්තාවන් 09 දෙනෙකු මෙම පිරිසට අයත්.




