විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවති තරගයේ ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ කඩුලු 09කින්.
පළමුව පන්දුවට පහර දුන් අයර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 128ක් රැස් කළ අතර පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 133ක් ලබා ගනිමින් ජයග්‍රාහී සීමාව පසුකර ගියේ පන්දු වාර 05ක් ඉතිරිව තිබියදීයි.
එහිදී අගනා ඉණිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් පන්දු 43කදී නොදැවී ලකුණු 68ක් රැස් කළා.




