LOCALතිලිණි ප්‍රියමාලි ට මුදල් දුන් තවත් අය ගැන හෙළිදරව්වක්

තිලිණි ප්‍රියමාලි ට මුදල් දුන් තවත් අය ගැන හෙළිදරව්වක්

-

- Advertisment -spot_img

තිලිණි ප්‍රියමාලි නම් කාන්තාවට අවස්ථා දෙකකදී තමාද රුපියල් කෝටි 80ක පමණ මුදලක් ලබාදී ඇති බව බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාරවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කර තිබේ.

ඒ ඔහු ඒ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාදෙමිනි.

මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති පැමිණිලිවලට අනුව තිළිණි ප්‍රියමාලි නම් කාන්තාව විවිධ පාර්ශ්වයන්ගෙන් ලබාගෙන ඇති මුදල රුපියල් බිලියනයකට අධික බව අනාවරණ වී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ අදාළ මුදල් සිය ව්‍යාපාරවල ආයෝජනය කර ඇතැයි සැකකාර කාන්තාව පවසා තිබුණද එවැන්නක් නිරීක්ෂණය නොවන බැවින් එම මුදල්වලට සිදුවූයේ කුමක්දැයි සොයා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවය.

එමෙන්ම අදාළ කාන්තාව විශ්‍රාමික සහ සේවය හැරගිය ආරක්ෂක අංශ නිලධාරීන් සිය ආරක්ෂාවට තබාගෙන සිට ඇති බවද විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

මේ අතර අදාළ කාන්තාවට මුදල් ලබාදුන් අය ලෙස ව්‍යාජ නම් ලැයිස්තුවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වීම ගැන විමර්ශනයක් සිදුකරන්නැයි ඉල්ලමින් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිල්ලක් සිදුකළේය.

මේ අතර තිළිණි ප්‍රියමාලි නම් කාන්තාව සමග ගනුදෙනු කළ බවට ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ නම සමාජ මාධ්‍යතුළ සංසරණයවීම ගැන අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙකු උන්වහන්සේගෙන් විමසා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

දරුවන්ගේ පෞරුෂත්වය ඊළඟ මට්ටමට ගෙන යන POWERFUL KIDS වැඩමුළුව

🏆 ශ්‍රී ලංකා මාධ්‍ය ඉතිහාසයේ ප්‍රථම සහ එකම මාධ්‍ය සහ නායකත්ව පුහුණු වැඩමුළුව වන POWERFUL KIDS, JM Media සභාපති...

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA නිෂ්පාදන සහ විද්‍යාලය විසින් පවත්වනු ලබන මාධ්‍ය සහ නායකත්ව සහ...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක කර ඊශ්‍රායලය විසින් නැවතත් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව...

අදත් මි.මී 100 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය...
- Advertisement -spot_imgspot_img

දෙවැනි වරටත් දෙහිවල සත්ත්වෝද්‍යානයෙන් නිල් කහ මැකෝ ගිරවෙක් සොරාගනී

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් නිල් කහ මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් තිබේ. පසුගිය...

ඩෙංගු සහ චිකුන්ගුන්යා වැඩිම බස්නාහිරින්

පවතින වැසි තත්ත්වයත් සමග පැතිර යන ඩෙංගු සහ චිකුන්ගුන්යා රොගී තත්ත්වයන් වැඩි වශයෙන් පැතිර යාම බස්නාහිර පළාත තුළ වාර්තා...

Must read

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you