ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ටෝකියෝ නුවරදී සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූන්ග් මහතා හමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා
එහිදී ජනාධිපතිවරයා සහ සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා අතර ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
එමෙන්ම ජපානය වෙත ගොස් සිටින ජනාධිපතිවරයා එරට විදේශ අමාත්‍යවරයාද මුණ ගැසී ඇති බව වාර්තා වනවා.




