පාරිභෝජණයට නුසුදුසු සීනි කිලෝ ග්‍රෑම් 3,000 ක් නීති විරෝධී ලෙස ගබඩාකරගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු පැළියගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පැළියගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41 සහ 48 යන වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනෙක්.
එසේම එම සීනි ගබඩාකර තිබු ස්ථානය ඉදිරි අධිකරණ කටයුතු සඳහා මුද්‍රා තැබීමට ද කටයුතු කර තිබෙනවා.




