ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සැරයන් නිලයට උසස් කර තිබෙනවා
ඒ යුද්ධ හමුදාව නියෝජනය කරමින් ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ කැපී පෙනෙන දක්‍ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම සහ එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා හැකියාවන් වැඩිදියුණු කිරීමේ අරමුණින් ඊයේ (20) යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි උත්සවයකදීයි
මෙහිදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා විසින් රටටත්, යුද්ධ හමුදාවටත් කීර්තියක් අත්කර දුන් එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පැසසුමට ලක් කිරීමෙන් අනතුරුව ඔවුන් එකිනෙකා සමඟ සුහදව අදහස් හුවමාරු කර ගෙන තිබෙනවා




