ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර අද (25) පැවති පන්දුවාර විස්සයි විස්ස තරගය කඩුලු 6කින් ජය ගැනීමට ඉන්දියාව සමත් වුණා.
එහිදී පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව කඩුලු 7ක් දැවී ලකුණු 186ක් ලබා ගත් අතර ඉන්දියාව පන්දුවාර 19.5කදී කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.




