බිත්තරයක් විකිණිය හැකි නිසි මිල සතියක් ඇතුළත ගණනය කොට ලබාදෙන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාවෙන් මුදල් සහ වෙළෙඳ අමාත්‍යංශ නිලධාරීන් වෙත නියෝග කර තිබේ.
කුකුල් කෑම මෙරටට ආනයනය කිරීමට අදාළව 1969 අංක 1 දරණ ආනයන හා අපනයන පනත යටතේ වූ රෙගුලාසි සලකා බැලීමේදී පවතින මිල අනුව බිත්තරයක් විකිණිය හැකි නිසි මිල ගණනය කරන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා මහතා දැනුම් දී ඇත.
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පසුගියදා රැස්වූ අතර එහිදී 1969 අංක 1 දරණ ආනයන හා අපනයන පනත යටතේ වූ රෙගුලාසි සඳහා අනුමැතිය ද හිමිවිය.
මේ අතර වෙළෙඳපොළේ පවතින බිත්තර මිල සංශෝධනය කිරීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.
ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ඉදිරි උත්සව සමයේදී අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල තවදුරටත් අඩු කිරීමට බලාපොරොත්තු වන බව ද වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.




