LOCALයුද්ධයෙන් අවතැන්වූවන් රඳවා සිටින සුබසාධන කඳවුරු වසා දැමීමේ සුදානමක්

යුද්ධයෙන් අවතැන්වූවන් රඳවා සිටින සුබසාධන කඳවුරු වසා දැමීමේ සුදානමක්

-

- Advertisment -spot_img

එල්.ටී.ටී.ඊ යුධමය තත්ත්වය හේතුවෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල අවතැන්ව සිටි පවුල් 273,498 න් පවුල් 271,171ක් මේ වනවිට නැවත එම ප්‍රදේශවලම පදිංචි කර අවසන් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ නැවත පදිංචි කිරීමේ අංශය පවසනවා.

එම අංශයේ වාර්තා අනුව තවදුරටත් උතුරු හා නැගෙනහිර පළාත්වල පදිංචි කිරීමට ඇත්තේ පවුල් 2,327ක් පමණයි.

ඒ අනුව අවතැන්වූවන් සියලුම දෙනාට කඩිනමින් නිවාස ලබාදී ඔවුන් රඳවා සිටින සුබසාධන කඳවුරු වසා දැමීමටයි එම අමාත්‍යාංශය පියවර ගෙන ඇත්තේ.

දැනට පදිංචි කිරීමට ඇති පවුල් 2,327න් පවුල් 152ක් අවතැන්වූවන් ජීවත්වන සුබසාධන මධ්‍යස්ථානවල ජීවත්වන අතර ඉතිරි පවුල් 2,175 අවතැන්වූවන් ජීවත්වන සුබසාධන මධ්‍යස්ථානවලට ඇතුළත් නොවී නෑදෑ හිතවතුන් සමඟ ජීවත්වන බවද සඳහන්.

යුද්ධයෙන් අවතැන්ව සරණාගතභාවය පතා ඉන්දියාවට ගොස් සිට මෙරටට පැමිණෙන පවුල්වලට හා අවතැන්ව මෙරට රැඳී සිටි පවුල්වල මූලික අවශ්‍යතා සපුරා ගැනීමට රජය මගින් රුපියල් 38,000 ක ආධාර මුදලක් ලබාදෙනු ඇති.

ඉඩමක් ඇති පුද්ගලයන්ට තාවකාලිකව නිවසක් ඉදිකර ගැනීමට රුපියල් 25,000ක්, ඉඩම ශුද්ධ කර ගැනීමට රුපියල් 5,000ක්, අවශ්‍ය උපකරණ මිලදී ගැනීමට රුපියල් 3,000ක් හා ආහාර නොවන අනෙකුත් ද්‍රව්‍ය මිලදී ගැනීමට රුපියල් 5,000ක් වශයෙනුයි එම ආධාර මුදල් ලබාදෙන්නේ.

උතුරු හා නැගෙනහිර පළාත්වල අවතැන් පුද්ගලයන් සඳහා නිවාස ලබාදෙනු ලබන්නේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිර්දේශය මතවන අතර එහිදී නිවාස ලබාදෙන්නේ මුල් පවුල් සඳහා පමණක් බවයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය ප්‍රකාශ කළේ.

ඒ අනුව අවතැන්වූවන් සඳහා නිවාස 148,848 ක් ඉදිකර ඇති බවත් රජය මගින් මෙන්ම ඉන්දියානු අධාර හා රාජ්‍ය නොවන සංවිධානවල ආධාර මගින් මෙම නිවාස ඉදිකර ඇති බවත් සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ගෝලීය දේපළ වෙළඳාම් කලාවේ නව පෙරළියක් ප්‍රයිම් සහ මෙල්වා වෙතින් Prime Marina Sales Suite වරාය නගරයේදී විවෘත වෙයි

කොළඹ වරාය නගරයේ (Colombo Port City) ‘ප්‍රයිම් මරීනා’ (Prime Marina) නමින් නව ලෝක මට්ටමේ සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියක් හඳුන්වා දී...

දරුවන්ගේ පෞරුෂත්වය ඊළඟ මට්ටමට ගෙන යන POWERFUL KIDS වැඩමුළුව

🏆 ශ්‍රී ලංකා මාධ්‍ය ඉතිහාසයේ ප්‍රථම සහ එකම මාධ්‍ය සහ නායකත්ව පුහුණු වැඩමුළුව වන POWERFUL KIDS, JM Media සභාපති...

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA නිෂ්පාදන සහ විද්‍යාලය විසින් පවත්වනු ලබන මාධ්‍ය සහ නායකත්ව සහ...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක කර ඊශ්‍රායලය විසින් නැවතත් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව...
- Advertisement -spot_imgspot_img

අදත් මි.මී 100 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය...

දෙවැනි වරටත් දෙහිවල සත්ත්වෝද්‍යානයෙන් නිල් කහ මැකෝ ගිරවෙක් සොරාගනී

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් නිල් කහ මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් තිබේ. පසුගිය...

Must read

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you