LOCALරාජ්‍ය අංශයේ දූෂණය සහ අල්ලස ගැන සොයන්න අදාළ ඇමතිට...

රාජ්‍ය අංශයේ දූෂණය සහ අල්ලස ගැන සොයන්න අදාළ ඇමතිට බලය දෙන නව පනත් කෙටුම්පතක්

-

- Advertisment -spot_img

පාර්ලිමේන්තුවට වගකියන අල්ලස් හා දූෂණ පිළිබඳ ස්වාධීන විමර්ශන කොමිෂන් සභාවක් පිහිටුවීම ඇතුළු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත යෝජිත දූෂණ විරෝධී පනත් කෙටුම්පත පිළිබඳව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අවධානය යොමුව තිබෙනවා.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී එම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා සිදුව ඇත්තේ.

අල්ලස්, දූෂණ සහ වංචා නතර කිරීමට විධිමත් ආයතනික ව්‍යුහයක් නිර්මාණය කර අවශ්‍ය බලතල ලබාදීමට අපොහොසත් වීම නිසා රටේ පවතින සියලුම අල්ලස් හා දූෂණ චෝදනා පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයන්ට එල්ල වෙමින් පවතින බවයි එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.

මෙහිදී යෝජිත දූෂණ විරෝධී පනත් කෙටුම්පත පිළිබඳව ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා කමිටුව දැනුවත් කර තිබෙනවා.

යෝජිත අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පාර්ලිමේන්තුවට වගකියනු ඇති බවත් කොමිෂන් සභාව සිය ප්‍රගති වාර්තාව මාස තුනකට වරක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවත් ඔහු මෙහිදී ප්‍රකාශ කළ බවයි පාර්ලිමේන්තු මාධ්‍ය අංශය සඳහන් කළේ.

කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් ලෙස නීති, වෝහාරික විගණන, ගිණුම්කරණය, ඉංජිනේරු, ජාත්‍යන්තර සබඳතා සහ රාජ්‍ය තාන්ත්‍රික සේවය, රාජ්‍ය පරිපාලනය යන ක්ෂේත්‍රවල වසර 20 කට වැඩි පළපුරුද්ද සහිත පුද්ගලයන් පත් කිරීමට ද පනත් කෙටුම්පතේ යෝජනා කර තිබෙනවා.

කොමසාරිස්වරුන් පත් කරනු ලබන්නේ ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශය ඇතිව ජනාධිපතිවරයා විසින් වන අතර, ඊට අමතරව මෙම කොමිෂන් සභාව සඳහා මුදල් වෙන් කිරීම පාර්ලිමේන්තුව හරහා ඍජුව සිදු කළ යුතු බවද නීතීඥ ජයමාන්න මහතා ප්‍රකාශ කර ඇති බව සඳහන්.

එසේම වත්කම් බැරකම් ප‍්‍රකාශ ලබාගැනීමට සහ ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් කටයුතු කිරීමට වෙනම අධ්‍යක්ෂ මණ්ඩලයක් පිහිටුවීමට ද කෙටුම්පත යෝජනා කර තිබෙනවා.

පනත් කෙටුම්පතට අනුව රාජ්‍ය අංශයේ විධායක නිලධාරීන් හැර දූෂණය සහ අල්ලස වැඩි වශයෙන් සිදුවන ක්ෂේත්‍රවල පුද්ගලයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා ගැනීම සම්බන්ධයෙන් අදාළ අමාත්‍යවරයාට රෙගුලාසි සෑදීමේ හැකියාවද පවතින බව සඳහන්.

රජයේ වැදගත් දෙපාර්තමේන්තු මෙම කාර්යාලය සමඟ අන්තර්ජාලය හරහා සම්බන්ධ වී ඇති බැවින් වත්කම් බැරකම් පිළිබඳ විමසීම් පහසුවෙන් සිදු කළ හැකියි.

රාජ්‍ය අංශයේ දූෂණ වංචා පමණක් නොව පෞද්ගලික අංශය, ක්‍රීඩා ක්ෂේත්‍රය ආදී අංශවල අල්ලස් හා දූෂණ වැළැක්වීමේ ප්‍රතිපාදන ද ඊට ඇතුළත් බව මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

අල්ලස් වංචා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලදී වැරදිකරුවන් බවට පත්වන පුද්ගලයන්ට එරෙහිව දැඩි දඬුවම් ලබාදීමේ අවශ්‍යතාව ද කාරක සභාවේදී අවධාරණය වූ බවයි පැවසෙන්නේ.

යෝජිත පනත් කෙටුම්පතට අදාළව වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සාකච්ඡා කොට සුදුසු සංශෝධන සිදුකිරීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

එසේම පාර්ලිමේන්තුවේදී ඉදිරියේදී සම්මත කර ගැනීමට නියමිත “බදු පදනම මත ලබා දී ඇති පරිශ්‍රයන්හි සන්තකය නැවත අත්පත්කර ගැනීමේ (විශේෂ විධිවිධාන)” පනත් ‍කෙටුම්පත පිළිබඳවද අමාත්‍යවරයා කමිටුව දැනුවත් කර ඇති බවද සඳහන්.

සාමාන්‍ය කුලී සහ නෙරපීමේ නඩු කටයුතුවලදී ඇතිවන නීතියේ ප්‍රමාදයයන් මැඩපවත්වමින් ඉතා කෙටි කාලයක් තුළදී බදු දීමනාකරුට සහන ප්‍රදානය කිරීම මෙම පනත් කෙටුම්පතේ අරමුණ බවයි අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ.

මෙම පනත් කෙටුම්පත මගින් කඩිනම් සහ කාර්යක්ෂම ක්‍රියාදාමයක් හදුන්වා දී ඇති අතර නොතාරිස්වරයෙකු ඉදිරියේ විධිමත් පරිදි ලියා අත්සන් කළ බදු ගිවිසුමක් මත බද්දට ලබා දී ඇති පරිශ්‍රවල බදු කාල සීමාවන් ඉක්මවා දිගු කලක් රැදී සිටින බදු ගැනුම්කරුවන් නෙරපීමටද මෙමගින් විධිවිධාන සැලසෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ගෝලීය දේපළ වෙළඳාම් කලාවේ නව පෙරළියක් ප්‍රයිම් සහ මෙල්වා වෙතින් Prime Marina Sales Suite වරාය නගරයේදී විවෘත වෙයි

කොළඹ වරාය නගරයේ (Colombo Port City) ‘ප්‍රයිම් මරීනා’ (Prime Marina) නමින් නව ලෝක මට්ටමේ සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියක් හඳුන්වා දී...

දරුවන්ගේ පෞරුෂත්වය ඊළඟ මට්ටමට ගෙන යන POWERFUL KIDS වැඩමුළුව

🏆 ශ්‍රී ලංකා මාධ්‍ය ඉතිහාසයේ ප්‍රථම සහ එකම මාධ්‍ය සහ නායකත්ව පුහුණු වැඩමුළුව වන POWERFUL KIDS, JM Media සභාපති...

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA නිෂ්පාදන සහ විද්‍යාලය විසින් පවත්වනු ලබන මාධ්‍ය සහ නායකත්ව සහ...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක කර ඊශ්‍රායලය විසින් නැවතත් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව...
- Advertisement -spot_imgspot_img

අදත් මි.මී 100 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය...

දෙවැනි වරටත් දෙහිවල සත්ත්වෝද්‍යානයෙන් නිල් කහ මැකෝ ගිරවෙක් සොරාගනී

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් නිල් කහ මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් තිබේ. පසුගිය...

Must read

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you