ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නියෝජිත හනා සින්ගර් මහත්මිය අද (23 දා) දින සුහද හමුවක් සඳහා මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා හමුවීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණ තිබෙනවා.
එහිදී පසුගිය කාලයේ ඇතිවූ මහජන විරෝධතාවයන් ගැන සාකච්ඡා කර ඇති අතර මෙහිදී හනා සින්ගර් මහත්මිය ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියාත්මක වූ ආකාරය ගැන සිය සතුට පළ කර තිබෙනවා.
තවදුරටත් එක්සත් ජාතීන්ගේ නියෝජිතවරිය ශ්‍රී ලංකාවේ පවතින වත්මන් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන වටපිටාව අගය කරන බවයි ප්‍රකාශ කර ඇත්තේ.
තවද ශ්‍රී ලංකාවේ අන්තරායක මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සහයෝගය ලබා දෙන බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අල්ස් මහාතාට අවධාරණය කළා.
මෙහිදී හනා සින්ගර් මහත්මිය රාජ්‍ය නොවන සංවිධාන සඳහාද අවශ්‍ය සහයෝගය ලබාදෙන බව ටිරාන් අලස් මහතාට ප්‍රකාශ කළ බවද සඳහන්.




