අද (14) දිනයේ 2023 අයවැය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ස්ථාවර හා දිගුකාලීන ආර්ථික වර්ධනයක් වෙනුවෙන් සැකසුන අයවැයක් ඉදිරිපත් කිරීමට නියමිත අතර ඒ අනුව අද(14) පස්වරුවේ ජනාධිපතිවරයා විසින් අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධුරයට පත්වීමෙන් අනතුරුව ඉදිරිපත් කරන පළමු අයවැය ද මෙයයි




