ගල්කිස්ස ප්රදේශයේ හෝටලයක පැවති උත්සවයකට එක්ව සිටි තරුණයෙක් එහි නාන තටාකයේ දිය නෑමට ගොස් දියේ ගිලී මියගොස් තිබෙනවා.
පොලීසිය පවසන්නේ එම අවස්ථාවේ මරණකරු බිමත්ව සිට තිබූ බවයි.
ඔහු මොරටුව ප්රදේශයේ පදිංචි 24 හැවිරිදි වියේ පසුවන්නෙක්.
අනතුරෙන් පසුව ඔහු දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර, ඉන් අනතුරුවයි මියගොස් ඇත්තේ.




