POLITICALජනපතිගේ විශේෂ ප්‍රකාශය අද

ජනපතිගේ විශේෂ ප්‍රකාශය අද

-

- Advertisment -spot_img

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (06) වි‍ශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ.

රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එම ප්‍රකාශය සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

පසුගියදා පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මන්ත්‍රීවරුන් දැනුවත් කර තිබේ.

ඒ අනුව වර්තමානයේ පවතින ආර්ථික තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා විසින් අද දිනයේ පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කරනු ඇති බව  පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කළේය.

මේ අතර පාර්ලිමේන්තුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතය.

එහිදි 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විවාදය පැවැත්වීමට නියමිතව තිබේ.

හෙට (07) දිනය තුළ ද අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විවාදය පැවැත්වීමට නියමිත අතර අනතුරුව එය සම්මත කරගැනීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මේ වන විට ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් සඳහන් කළේය.

මේ අතර පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව පළමු වරට අද රැස්වීමට නියමිතව තිබේ.

අද පෙරවරු 11.00ට කෝප් කමිටුව රැස්වීමට නියමිත අතර එහිදි නව සභාපතිවරයෙකු තෝරා පත් කරගැනීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කළේය.

මේ අතර ජාතික සභාව දෙවන වරටත් අද දින රැස්වීමට නියමිතව තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එම සභාව රැස්වීමට නියමිත බව වාර්තා වේ.

කෙසේවෙතත් ජාතික සභාවෙන් ඊයේ (05) දිනයේ ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා ඉවත් වුණි.

තොණ්ඩමන් මන්ත්‍රීවරයාගේ පුරප්පාඩුව සඳහා එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.රාමේෂ්වරම් ජාතික සභාවට පත්කරනු ලැබීය.

ඊට අමතරව පාඨලි චම්පික රණවක මන්ත්‍රීවරයා ද ජාතික සභාව සඳහා නම් කර තිබේ.

ජාතික සභාව පළමු වරට පසුගිය 29 වැනිදා රැස් වූ අතර පාර්ලිමේන්තුව රැස්වන සෑම සතියකම බ්‍රහස්පතින්දා දිනයේ එය රැස්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ගෝලීය දේපළ වෙළඳාම් කලාවේ නව පෙරළියක් ප්‍රයිම් සහ මෙල්වා වෙතින් Prime Marina Sales Suite වරාය නගරයේදී විවෘත වෙයි

කොළඹ වරාය නගරයේ (Colombo Port City) ‘ප්‍රයිම් මරීනා’ (Prime Marina) නමින් නව ලෝක මට්ටමේ සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියක් හඳුන්වා දී...

දරුවන්ගේ පෞරුෂත්වය ඊළඟ මට්ටමට ගෙන යන POWERFUL KIDS වැඩමුළුව

🏆 ශ්‍රී ලංකා මාධ්‍ය ඉතිහාසයේ ප්‍රථම සහ එකම මාධ්‍ය සහ නායකත්ව පුහුණු වැඩමුළුව වන POWERFUL KIDS, JM Media සභාපති...

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA නිෂ්පාදන සහ විද්‍යාලය විසින් පවත්වනු ලබන මාධ්‍ය සහ නායකත්ව සහ...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක කර ඊශ්‍රායලය විසින් නැවතත් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව...
- Advertisement -spot_imgspot_img

අදත් මි.මී 100 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය...

දෙවැනි වරටත් දෙහිවල සත්ත්වෝද්‍යානයෙන් නිල් කහ මැකෝ ගිරවෙක් සොරාගනී

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් නිල් කහ මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් තිබේ. පසුගිය...

Must read

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you