LOCALඩෙංගු සහ චිකුන්ගුන්යා වැඩිම බස්නාහිරින්

ඩෙංගු සහ චිකුන්ගුන්යා වැඩිම බස්නාහිරින්

-

- Advertisment -spot_img

පවතින වැසි තත්ත්වයත් සමග පැතිර යන ඩෙංගු සහ චිකුන්ගුන්යා රොගී තත්ත්වයන් වැඩි වශයෙන් පැතිර යාම බස්නාහිර පළාත තුළ වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝගවිද්‍යා පිළිබඳ විශේෂඥ වෛද්‍ය අතුළ ලියනපතිරණ මහතා පවසයි.

විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ බස්නාහිර පළාත තුළ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙක තුළ මෙම රෝග වැඩි වශයෙන් පැතිරෙන බව මේ වන විට අනාවරණය වී ඇති බවය.

චිකුන්ගුන්යා සහ ඩෙංගු රෝගයේ මුල් අවස්ථාවේදී රෝග ලක්ෂණ බොහෝ දුරට සමාන විට හැකි බවත් ඒ අනුව උණ, හිසරදය, ඇඟපත වේදනාව සහ වමනය ඇතිවිය හැකි බවත් මේ හේතුවෙන් දින දෙකකට වැඩි කාලයක් අදාළ රෝග ලක්ෂණ පවතින්නේ නම් හැකි ඉක්මනින් වෛද්‍යවරයෙකු හමුවී අදාළ ප්‍රතිකාර ලබා ගත යුතු බවද විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම චිකුන්ගුන්යා රෝගයේදී වැඩි වශයෙන් ඇඟපත වේදනාව ඇතිවන බැවින් වේදනාව අවම කිරීමට වේදනා නාශක ඖෂධ ලබා ගැනීමෙන් වළකින ලෙසත් එසේ ලබා ගැනීමෙන් ඇතිවන ප්‍රථිපල ඉතා දරුණු විය හැකි බවත් ඒ අනුව උණ සහ වේදනාව අවම කර ගැනීම සඳහා හැකි සෑම විටම පැරසිටමෝල් භාවිතයට ගන්නා ලෙසත් විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් ද සිදුකළේය.

එමෙන්ම ජලය, පළතුරු යුෂ, කැඳ, ජීවනි, වැනි ලවණ සහිත ද්‍රාවණ වන පානය කිරීමෙන් ඇතිවන විජලන තත්ත්වයන් වැළැක්වීමද ඉතා වැදගත් වනු ඇති බවත් විශේෂඥ වෛද්‍යවරයා පැවසීය.

තවද රෝග ලක්ෂණ මතුවුව හොත් එය ඩෙංගු රෝගය හෝ චිකුන්ගුන්යා රෝගයද යන්න නිසි ලෙස හඳුනා ගැනීමට හැකියාව නොමැති බවත් පැවසූ විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ අදාළ රෝග නිෂ්චය කර ගැනීම සඳහා වෛද්‍යවරයෙකු හමුවීම ඉතා වැදගත් වන බවය.

එමෙන්ම චිකුන්ගුන්යා රෝගය වැළඳීමෙන් පසු ඇතැම් රෝගීන්ට දීර්ඝ කාලීනව පවතින හන්දි වේදනාව වැනි රෝග ලක්ෂණ ඇති විය හැකි බවත් ඒ සඳහාද නිසි ප්‍රතිකාර කළ යුතු බැවින් වෛද්‍ය උපදෙස් ලබා ගනිමින් කටයුතු කරන ලෙසද විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ගෝලීය දේපළ වෙළඳාම් කලාවේ නව පෙරළියක් ප්‍රයිම් සහ මෙල්වා වෙතින් Prime Marina Sales Suite වරාය නගරයේදී විවෘත වෙයි

කොළඹ වරාය නගරයේ (Colombo Port City) ‘ප්‍රයිම් මරීනා’ (Prime Marina) නමින් නව ලෝක මට්ටමේ සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියක් හඳුන්වා දී...

දරුවන්ගේ පෞරුෂත්වය ඊළඟ මට්ටමට ගෙන යන POWERFUL KIDS වැඩමුළුව

🏆 ශ්‍රී ලංකා මාධ්‍ය ඉතිහාසයේ ප්‍රථම සහ එකම මාධ්‍ය සහ නායකත්ව පුහුණු වැඩමුළුව වන POWERFUL KIDS, JM Media සභාපති...

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA නිෂ්පාදන සහ විද්‍යාලය විසින් පවත්වනු ලබන මාධ්‍ය සහ නායකත්ව සහ...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක කර ඊශ්‍රායලය විසින් නැවතත් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව...
- Advertisement -spot_imgspot_img

අදත් මි.මී 100 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය...

දෙවැනි වරටත් දෙහිවල සත්ත්වෝද්‍යානයෙන් නිල් කහ මැකෝ ගිරවෙක් සොරාගනී

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් නිල් කහ මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් තිබේ. පසුගිය...

Must read

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you