LOCALයෝජිත විදුලි ගාස්තු සංශෝධනය ගැන CEBයෙන් නිවේදනයක්

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය ගැන CEBයෙන් නිවේදනයක්

-

- Advertisment -spot_img

යෝජිත නව විදුලි ගාස්තු සංශෝධනයට අනුව ගාස්තුව වැඩිවන නමුත්, එය මෙම වසර මුලදී පැවති විදුලි ගාස්තුවට වඩා අඩු අගයක් වනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

2025 වසරේ දෙවැනි භාගය සඳහා විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ යෝජනාව ලංකා විදුලිබල මණ්ඩලය ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කළ පසුබිමක නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය මේ බව සඳහන් කළේය.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ධම්මික විමලරත්න මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක් මගින් දක්වා ඇත්තේ යෝජිත නව සංශෝධනයට අනුව නව විදුලි ගාස්තුව වැඩිවන නමුත්, එය මෙම වසර මුලදී පැවති විදුලි ගාස්තුවට වඩා අඩු අගයක් වනු ඇති බවය.

2014-2022 කාලය තුළදී විදුලි ජනනය, සම්ප්‍රෙෂණය සහ බෙදාහැරීම සඳහා දැරීමට සිදුවූ පිරිවැය ඉහළ ගියද විදුලි ගාස්තුවල කිසිඳු වෙනසක් සිදුනොකළ බවත්, එම කාලය තුළ ඉන්ධන ගාස්තු, ගල් අඟුරු, අමතර කොටස් සහ නඩත්තු වියදම් ද නිරන්තරයෙන් ඉහළ ගිය බවත් නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

එලෙස ඉහළ ගිය පිරිවැයේ සම්පූර්ණ බර මණ්ඩලය විසින් දැරීම හේතුවෙන් මහා පරිමාණ ණය ගැනීමට සහ සැපයුම්කරුවන්ට ගෙවිය යුතු ගෙවීම් කල්දැමීමට සිදුවීම මේ වනවිට ණය අර්බුදයක් දක්වා ඔඩුදුවා ඇති බවද නිවේදනයෙන් දැක්වෙයි.

ඒ අනුව යෝජිත විදුලි ගාස්තු සංශෝධනය් අරමුණ වන්නේ අත්‍යවශ්‍ය වියදම් ක්‍රමානුකූලව ප්‍රතිපූර්ණය කරගැනීම, ණය අර්බුදය කළමණාකරනය කිරීම සහ සැපයුම්කරුවන්ට නියමිත කළට ගෙවීම් සිදුකිරීම යනාදිය වේ.

ලංවිමට අනාගත බලශක්ති සුරක්ෂිතතාවය අනතුරට පත්නොකරමින් ආරක්ෂිත, විශ්වාසනීය සහ අඛණ්ඩ විදුලි සැපයුමක් සියලුම ලාංකිකයන්ට ලබාදීමට ඉඩසැලසීම මෙහි මූලික අරමුණ ලෙස දක්වා තිබේ.

ජනතාවට විදුලි  සැපයුම හැකි තරම් පහසු මිලට ලබාදීමටත්, දිගු කාලීන ප්‍රතිසංස්කරණ ඇති කරමින් අඩු වියදම් බලශක්ති ප්‍රවාහයන් හඳුන්වා දීම සහ කාර්යක්ෂමතාව ඉහළ නැවංවීම හරහා පිරිවැය අඩුකිරීමෙන් බලශක්ති ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම ලංකා විදුලි බල මණ්ඩලයේ අරමුණ බව සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

දරුවන්ගේ පෞරුෂත්වය ඊළඟ මට්ටමට ගෙන යන POWERFUL KIDS වැඩමුළුව

🏆 ශ්‍රී ලංකා මාධ්‍ය ඉතිහාසයේ ප්‍රථම සහ එකම මාධ්‍ය සහ නායකත්ව පුහුණු වැඩමුළුව වන POWERFUL KIDS, JM Media සභාපති...

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA නිෂ්පාදන සහ විද්‍යාලය විසින් පවත්වනු ලබන මාධ්‍ය සහ නායකත්ව සහ...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක කර ඊශ්‍රායලය විසින් නැවතත් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව...

අදත් මි.මී 100 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය...
- Advertisement -spot_imgspot_img

දෙවැනි වරටත් දෙහිවල සත්ත්වෝද්‍යානයෙන් නිල් කහ මැකෝ ගිරවෙක් සොරාගනී

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් නිල් කහ මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් තිබේ. පසුගිය...

ඩෙංගු සහ චිකුන්ගුන්යා වැඩිම බස්නාහිරින්

පවතින වැසි තත්ත්වයත් සමග පැතිර යන ඩෙංගු සහ චිකුන්ගුන්යා රොගී තත්ත්වයන් වැඩි වශයෙන් පැතිර යාම බස්නාහිර පළාත තුළ වාර්තා...

Must read

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you