ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද තරගයේ ඉන්දීය කණ්ඩායමට එරෙහිව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 256ක් රැස්කරගැනීමට සමත්විය.
එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ Litton Das හතරේ පහර 7ක් සමග පන්දු 82කදී ලකුණු 66ක් රැස්කරගත්තේය.
Tanzid Hasan පන්දු 43කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 5ක් සමග වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 51ක් රැස්කරගත්තේය.
අවසානයේ බංග්ලාදේශ ලකුණු පුවරුව ඉහළට එසවූ Mahmudullah පන්දු 36කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 3ක් සමග ලකුණු 46ක් රැස්කරගැනීමට සමත්විය.
ඉන්දියාව වෙනුවෙන් ජස්ප්‍රිට් බුම්රා, මොහොමඩ් සිරාජ් සහ රවින්ද්‍ර ජඩේජා කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්විය.




