දුම්රිය මාර්ගයක නිදා සිටි පුද්ගලයෙකු දුම්රියට යටවී මරණයට පත්වී තිබේ.
ඊයේ (15) රාත්රියේ මහව පොලිස් වසමේ මඩපොකුණ ප්රදේශයේදී මෙම සිද්ධිය සිදුවී ඇත.
දුම්රිය මාර්ගය මැද නිදාගෙන සිට ඇති අදාළ පුද්ගලයා දුම්රියට යටවීමෙන් ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලීසිය පැවසීය.
එලෙස මරණයට පත්වී ඇත්තේ 26 හැවිරිදි මඩපොකුණ ප්රදේශයේ පුද්ගලයෙකි.




