LOCALනිශාන් මධුෂ්කගෙන් ද්විත්ව ශතකයක්

නිශාන් මධුෂ්කගෙන් ද්විත්ව ශතකයක්

-

- Advertisment -spot_img

අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු නිශාන් මධුෂ්ක ද්විත්ව ශතකයක් රැස්කරගැනීමට සමත්විය.

තම මංගල ශතකය ද්විත්ව ශතකයක් බවට පත්කළ දෙවන ශ්‍රී ලාංකික ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා වන්නේ නිශාන් මධුෂ්කයි.

මීට පෙර 1987 වර්ෂයේදී හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක බ්‍රෙන්ඩන් කුරුප්පු සිය මංගල ටෙස්ට් ශතකය ද්විත්ව ශතකයක් බවට පත්කිරීමට සමත්විය.

එහිදී ඔහු නවසීලන්තය ට එරෙහිව නොදැවී ලකුණු 201ක් රැස්කරගැනීමට සමත්විය.

නිෂාන් මදුෂ්ක වාර්තා අතරට එක්වූයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ද්විත්ව ශතකයක් රැස් කළ 12වන ක්‍රීඩකයා ලෙසය.

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිවුවන දිනය අදය.

දිවා ආහාරය සඳහා  තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවි රැස්කරගනෙ සිටි ලකුණු සංඛ්‍යාව 489කි.

අද දිනය සඳහා තරගය ආරම්භ කරනවිට ශ්‍රී ලංකා පිල සිය පළමු ඉනිමට එක් කඩුල්ලක් දැවි රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 357කි.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් අද සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 9වන ශතකය වාර්තා කළේය.

යොවුන් ආරම්භක පිතිකරු නිෂාන් මධුෂ්ක අද සිය මංගල ද්විත්ව ශතකය වාර්තා කිරීම කැපී පෙණුනි.

දිවා ආහාරය සඳහා තරගය නතර කරනවිට කුසල් මෙන්ඩිස් ලකුණු 150 සීමාව පසුකර සිටි අතර මෙන්ඩිස් ටෙස්ට් ඉනිමකදී ලකුණු 150 සීමාව පසුකළ තුන්වන අවස්ථාව මෙයයි.

ඒ අනුව දිවා ආහාරය සඳහා තරගය නතර කරනවිට කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 160ක්ද, නිෂාන් මධුෂ්ක නොදැවී ලකුණු 202.ක්ද රැස් කරගෙන සිටියේය.

මෙන්ඩිස් සහ මදුෂ්ක මේ වනවිට දෙවන කඩුල්ල වෙනුවෙන් ගොඩනගා සිටින නොබිඳුනු සබඳතාව ලකුණු 261කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

දරුවන්ගේ පෞරුෂත්වය ඊළඟ මට්ටමට ගෙන යන POWERFUL KIDS වැඩමුළුව

🏆 ශ්‍රී ලංකා මාධ්‍ය ඉතිහාසයේ ප්‍රථම සහ එකම මාධ්‍ය සහ නායකත්ව පුහුණු වැඩමුළුව වන POWERFUL KIDS, JM Media සභාපති...

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA නිෂ්පාදන සහ විද්‍යාලය විසින් පවත්වනු ලබන මාධ්‍ය සහ නායකත්ව සහ...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක කර ඊශ්‍රායලය විසින් නැවතත් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව...

අදත් මි.මී 100 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය...
- Advertisement -spot_imgspot_img

දෙවැනි වරටත් දෙහිවල සත්ත්වෝද්‍යානයෙන් නිල් කහ මැකෝ ගිරවෙක් සොරාගනී

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් නිල් කහ මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් තිබේ. පසුගිය...

ඩෙංගු සහ චිකුන්ගුන්යා වැඩිම බස්නාහිරින්

පවතින වැසි තත්ත්වයත් සමග පැතිර යන ඩෙංගු සහ චිකුන්ගුන්යා රොගී තත්ත්වයන් වැඩි වශයෙන් පැතිර යාම බස්නාහිර පළාත තුළ වාර්තා...

Must read

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you