LOCALරිය අනතුරුවලින් 6ක් මරුට

රිය අනතුරුවලින් 6ක් මරුට

-

- Advertisment -spot_img

ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පොලිස් කොස්තාපල්වරයෙක්, කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 06දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (25) එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

කොඩිකාමම් පොලිස් වසමේ කොඩිකාමම් – පේදුරුතුඩුව මාර්ගයේ එරුවන් ප්‍රදේශයේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙක් ජීවිතක්ෂයට පත්ව ති‌බේ.

පේදුරුතුඩුවේ සිට කොඩිකාමම් දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් පෙරළී එම අනතුර සිදුව ඇත.

එසේ මියගොස් ඇත්තේ, 25 හැවිරිදි චාවකච්චේරිය ප්‍රදේශයේ පදිංචි කිලිනොච්චිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකි.

මේ අතර මාවතගම පොලිස් වසමේ යටිවිල්ල ප්‍රදේශයේදී මහනුවර සිට කුරුණෑගල දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ පෙරළී තවත් අනතුරක් සිදුව තිබේ.

අනතුරින් යතුරුපැදිකරු හා පසුපැදිකාරිය තුවාල ලබා මාවතගම රෝහලට ඇතුළත් කිරීමේදී පසුපැදිකාරිය මියගොස් ඇත.

එසේ මියගොස් ඇත්තේ, 21 හැවිරිදි කැන්දවල, මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

මේ අතර කන්තලේ පොලිස් වසමේ පරාක්‍රම මාවතේ ඇති අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී පරාක්‍රම දෙස සිට රජඇළ දෙසට ධාවනය වූ යතුරුපැදියක කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වූ දුම්රියේ ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු කන්තලේ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

මේ අතර අම්බලන්ගොඩ පොලිස් වසමේ ගාල්ල – කොළඹ මාර්ගයේ පොල්වත්ත ප්‍රදේශයේදී සිදූවූ අනතුරකින් 21 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇත.

මේ අතර මිරිහාන පොලිස් වසමේ කෝට්ටේ මාර්ගයේදී පිටකොට්ටේ හන්දිය දෙස සිට ජුබිලි කණුව හන්දිය දෙසට ධාවනය වූ යතුරපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ පෙරළී ගොස් මෝටර් රථයක ගැටී අනතුරක් සිදුව තිබුණි.

අනතුරින් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

එසේ මියගොස් ඇත්තේ, 29 හැවිරිදි බැද්දගාන, පිටකෝට්ටේ ප්‍රදේශයේ පදිංචිරුවෙකි.

මේ අතර නිට්ටඹුව පොලිස් වසමේ කොළඹ – මහනුවර මාර්ගයේ බටලීය ප්‍රදේශයේදී යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිය මාර්ගයේ පෙරළී ගොස් බස් රථයක ගැටී අනතුරක් සිදුව තිබුණි.

එම අනතුරින් මියගොස් ඇත්තේ, 23 හැවිරිදි දොරවක ප්‍රදේශයේ පදිංචිකාරියකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ගෝලීය දේපළ වෙළඳාම් කලාවේ නව පෙරළියක් ප්‍රයිම් සහ මෙල්වා වෙතින් Prime Marina Sales Suite වරාය නගරයේදී විවෘත වෙයි

කොළඹ වරාය නගරයේ (Colombo Port City) ‘ප්‍රයිම් මරීනා’ (Prime Marina) නමින් නව ලෝක මට්ටමේ සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියක් හඳුන්වා දී...

දරුවන්ගේ පෞරුෂත්වය ඊළඟ මට්ටමට ගෙන යන POWERFUL KIDS වැඩමුළුව

🏆 ශ්‍රී ලංකා මාධ්‍ය ඉතිහාසයේ ප්‍රථම සහ එකම මාධ්‍ය සහ නායකත්ව පුහුණු වැඩමුළුව වන POWERFUL KIDS, JM Media සභාපති...

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA නිෂ්පාදන සහ විද්‍යාලය විසින් පවත්වනු ලබන මාධ්‍ය සහ නායකත්ව සහ...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක කර ඊශ්‍රායලය විසින් නැවතත් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව...
- Advertisement -spot_imgspot_img

අදත් මි.මී 100 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය...

දෙවැනි වරටත් දෙහිවල සත්ත්වෝද්‍යානයෙන් නිල් කහ මැකෝ ගිරවෙක් සොරාගනී

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් නිල් කහ මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් තිබේ. පසුගිය...

Must read

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you