බංග්ලාදේශය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර අද (25) පැවති පන්දුවාර විස්සයි විස්ස තරගය ලකුණු 7කින් ජය ගැනීමට බංග්ලාදේශය සමත් වුණා.
පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 5ක් දැවී ලකුණු 158ක් ලබාගත් අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය සියල්ලන් දැවී ලබාගත්තේ ලකුණු 151ක් පමණයි.




